රජයේ වෛද්‍ය නිලධරින්ගේ සංගමයට එළැඹෙන ජුලි 05 දා සිට අඛණ්ඩ වැඩවර්ජනයකට යෑමට එම සංගමයේ මධ්‍යම කාරක සභාව අද (03දා) අනුමැතිය ලබාදුන්නේ. අද කොළඹදි රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව මෙම අවසරය සංගමට ලබාදුන්නේය.
සයටම් ගැටලුව විසඳීමට රජය කටයුතු නොකිරීම හේතුවෙන් මධ්‍යම කාරක සභාව අඛණ්ඩ වැඩ වර්ජනයකට අවසර දුන්නේය. මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සවස නිල ප්‍රකාශක් සිදුකිරිමට නියමිතය.