GMOA සභාපති හමුවෙන්න රන්ජන් වෙලාවක් වෙන් කරගෙන
අද දිනයේ වැඩ වර්ජනයක නිරත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගෙන් පෞද්ගලික රෝහලකදී චැනල් කර ගැනීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඊයේ (04දා) වේලාවක් වෙන් කර තිබේ.
ඔහු මේ පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමට සියලු තොරතුරු ඇතුළත් කර තිබේ. අමාත්‍යවරයා තම නමටම වෛද්‍යවරයා හමුවීම සඳහා වේලාවක් වෙන් කර තිබේ.
"මගේ නමින්ම ඊයේ රාත්‍රියේ Appointment එකක් ගත්තා මුදල් ගෙවලා. දැන් මගේ නම දැකලා මේක අවලංගු කරයි ද දන්නේ නැහැ. නමුත් සල්ලි තියෙන අයට ප්‍රතිකාර කරන්න මේ අය සුදානම් කියන එකයි මේකෙන් පේන්නේ " යැයි අමාත්‍යවරයා පවසයි.
කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසන්නේ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අද දිනයේදී පෞද්ගලික රෝහල් වලදී හමුවිය නොහැකි බව පවසයි.
මේ පිළිබඳව වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසන්නේ තමන් අද දිනයේදි පෞද්ගලික රෝහල් සඳහා නොපැමිණෙන බවට ඊයේ රාත්‍රියේ දැනුම් දුන්නත් රෝගීන්ට ඒ පිළිබඳව දැනුම් දී ඇත්තේ අද පෙරවරුවේ බවයි.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

