රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ. එළැඹෙන 22 දා ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය අද (05දා) සිතාසි නිකුත් කළේය. අධිකරණය අපහා කිරීමේ සිදුවීමක් පදනම් කරගෙන අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සමකට සාක්ෂි ලබාදීම සඳහා ඔහු අධිකරණයට කැඳවා තිබේ.