ආපදාවන්ට ලක්වූ ප්‍රදේශවල හා ආරක්ෂිත කඳවුරුවල සිටින දරු ප්‍රසූතියට ආසන්න සියලුම ගර්භිණී මව්වරුන් ළඟම රෝහලට වාර්තා කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටියි.
මීට අමතරව කිරිදෙන මව්වරුන් අඛණ්ඩව දරුවන්ට කිරි ලබාදිය යුතු බවත්, කිසිවිටෙකත් මව්කිරි දීමට හැකියාව තිබියදී පිටිකිරි ලබා නොදෙන ලෙසත් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
පිටිකිරි ලබාදීම හරහා දරුවන් විජලනයට ලක්විය හැකි බවත්, මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා සෑමවිටම මව්කිරි ලබාදිය යුතු බවද අද (28දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.