රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (05දා) දිනයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වැඩවර්ජනය සතියකින් කල් දැමූ බව එම සංගමය නිවේදනයක් නිකත් කරමින් පසවයි.
වැඩ වර්ජනය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව ලැබුණ ධනාත්මක ප්‍රතිචාර පිළිබඳව අවධානය යොමුකරමින් මෙසේ වර්ජනය තාවකාලිකව අත්හිටුවිමට තිරණය කළ බව එම සංගමව මිට සුළු මොහොතකට පෙර නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.