රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් පැවැත්වූ එක්දින වැඩ වර්ජනය අද (18දා) පෙ.ව. 8.00ට අවසන් විය. ඊයේ පෙ.ව. 8.00ට ඔවුන් වර්ජනය ආරම්භ කළ අතර මේ හේතුවෙන් සමස්ත රජයේ රෝහල් පද්ධතියේම කටයුතු බිඳ වැටුණි.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ ශ්‍රි ලංකාව හා සිංගප්පූරුව අතර අත්සන් කළ නිදහස් වෙළඳ ගිවිසුම අවලංගු නොකරන්නේ නම් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවයි.