නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගත් බව පවසමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සිදුකරන මහජන මුදල් විනාශ කිරීමට එරෙහිව හෙට (15දා) අල්ලස් කොමිසමට, පොලිස්පතිවරයාට හා විගණකාධිපති දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.
රෝහල රජයට පවරාගත් බවට සඳහන් කළද, එවැනි පවරා ගැනීමක් සිදුකර නොමැති බවත්, එසේ තිබියදී රෝහල පවත්වාගෙන යෑමට රජයේ මුදල් රුපියල් කෝටි 20 බැගින් මාසිකව ලබාදෙන බවත් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.
මෙම මුදලට අමතරව රජයේ රෝහල්වලට මෙම වසර තුළ වෙන්වූ මුදලින් මාසිකව රුපියල් කෝටි 05ක ඖෂධ ලබාදෙන බවද අද (14දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
මෙය පොදු දේපොළ පනත යටතේ වරදක් බවත්, මේ හේතුවෙන් මෙම අමාත්‍යවරයා පිළිබඳව වහාම ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් අද (14දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිඛිතව පැමිණිලි කළ බවද ඒ මහතා පවසා සිටියේය.
සිදුකර තිබෙන වංචාවලට අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවද එම සංගමය සඳහන් කරයි.