වෛද්‍ය ආඥා පනතට අනුව වෛද්‍ය සභාවේ සභාපති තනතුරට පත්කිරීම සිදුකරන්නේ වසර 05 කට වීම හේතුවෙන් ඉදිරි වසර 05 තුළ තමන් පිළිගන්නේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පමණක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය හා වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වෛද්‍ය සභාවේ සභාපතිධුරයට පත්කරනු ලැබූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ වසර 05ක ධුර කාලය මේ වසරේ ජනවාරි මාසයෙන් අවසන් වූ බවද එම සංගමය පෙන්වා දෙයි.
ඉන් පසුව නැවත වතාවක් කාලෝ ෆොන්සේකා මහතාම පත් කළ බවත්, මේ නිසා එම තනතුර ඉදිරි වසර 05ක කාලයටම වලංගු බවත් එම සංගමය සඳහන් කරයි.