සයිටම් විරෝධී පාගමනට සහභාගි වූ සිසුන්ට පහරදීම හා අත්අඩංගුවට ගැනීම ඇතුළු කරුණු 04ක් මූල්කර ගනිමින් මේ මස 22 වැනිදා පැය 04ක වෛද්‍ය වර්ජනයක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
උදෑසන 8.00 සිට මෙම වෛද්‍ය වර්ජනය ක්‍රියාත්මක බවත්, මීට සමගාමීව රජයේ දන්ත වෛද්‍ය, රජයේ ආයුර්වේද වෛද්‍ය සංගම් සාමාජිකයන්ද වැඩවර්ජනයේ නිතර වන බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.