රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඊයේ (24දා) පැවැති නිලවරණයෙන් එහි සභාපති ධුරයට විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා නිතරගයෙන් පත්ව තිබේ. මීට අමතරව ලේකම් තනතුරට වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පත්කර තිබෙන අතර, භාණ්ඩාගාරික තනතුරට වෛද්‍ය නාත් විජේසිංහ මහතා පත්කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ලෙස කටයුතු කළ වෛද්‍ය නවින්ද සොයිසා මහතා සහකාර ලේකම් තනතුරකටත්, මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සංස්කාරක ලෙසත් පත්වතිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක ලෙස කටයුතු කළ වෛද්‍ය නලීන්ද හේරත් මහතාට සහකාර ලේකම් තනතුරක් හිමිව තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණයට මෙවරත් කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවීම හේතුවෙන් මෙවර පත්වීම් සියල්ලම නිතරගයෙන් සිදුව තිබේ.