දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය යටතේ හදිසි අනතුරු, දියේ ගිලීම් හා වසංගත රෝග පැතිරයාමේ අවදානමක් ඇති හෙයින් ඊට මුහුණදීම සඳහා විශේෂ ආපදාකරණ කමිටුවක් පත්කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (26දා)පැවසීය.
ඒ අනුව සෞඛ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යමින් ජනතාවට අවශ්‍ය සහන කඩිනමින් සැලසීම මෙහි ප්‍රධාන අරමුණ බවද එම සංගමය ප්‍රකාශ කරයි.