GMOA ඉල්ලීම් අසාධාරණයි - සළකා බලන්නේ නෑ
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිය දරුවන්ට ජනප්‍රිය පාසල් ඉල්ලීම පිළිබඳව කිසිලෙසකින්වත් සළකා නොබලන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (20දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය. ඔහු සඳහන් කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් අසාධාරණ බවයි.
හොරණ සිට හොමාගමට මරුවීම් ලද වෛද්‍යවරයෙක්, මොනරාගල සිට නුවරඑළියට මාරුවීම් ලද වෛද්‍යවරයෙක් හා බලංගොඩ සිට හෝමාගමට මාරුවීම් ලද වෛද්‍යවරයෙක් සිය දරුවන් සඳහා කොළඹ රාජකීය විද්‍යාලය ඉල්ලා තිබෙන බවයි.
වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල් තුළට ඇතුළත් කිරීම සඳහා 2005 වසරේදී නිකුත් කළ චක්‍ර ලේඛය විකෘති කරමින් වෛද්‍යවරුන් ඉල්ලිම් ඉදිරිපත් කරන බව පෙන්වාදුන් අධ්‍යාපන අමාත්‍යවරයා රාජකීය විදුහලට සිසුන් 21, ආනන්ද විදුහල සිසුන් 16, විශාකා විදුහලට සිසුවියන් 15ක් යනාදි ලෙස ඇතුළත් කිරීමට වෛද්‍යවරු ඉල්ලීම් කර තිබෙන බවද ඔහු පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

