ජපානය, කැනඩාව, ප්රංශය, ජර්මනිය, ඉතාලිය, එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් යුතු G7 රාජ්ය නායක සමුළුව ජපානයේ ඉසේ-ෂිමා හිදී අද (26දා) ඇරඹිණි.
මෙවර 42 වැනි වරටත් පැවැත්වෙන රාජ්ය නායක සමුළුව මාතෘකා කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන අතර, එහිදී, ගෝලීය ආර්ථිකය හා සෞඛ්යය ප්රමුඛස්ථානයක් ගෙන තිබේ.
මෙවර සමුළුවේ සත්කාරකත්වය දරන ජපානයේ අගමැති ෂින්සෝ අබේ විසින් එහි පැමිණි සියලුම රාජ්ය නායකයන් මහත් හරසරින් පිළිගනු ලැබිණි.
සමුළුව ආරම්භයට පෙර අද උදෑසන ජපාන අගමැතිවරයා විසින් එහි පැමිණි රාජ්ය නායකයන් සියලු දෙනාම ෂින්ටෝ ආගමේ එන පූජනීය ස්ථානයක් වෙත කැඳවාගෙන ගොස් චාරිත්රානුකූලව පැල සිටුවීමේ අවස්ථාවක් සිදුකරන ලදී.
දින දෙකක් පුරා පැවැත්වෙන මෙවර G7 රාජ්ය නායක සමුළුවේදී යුරෝපා සංක්රමණික අර්බුදය මෙන්ම, දකුණු චීන මුහුදේ අර්බුදකාරී තත්ත්වයද සාකච්ඡාවට බඳුන් වීමට නියමිතය. එමෙන්ම, ගෝලීය ත්රස්තවාදය, සයිබර් ආරක්ෂාව සම්බන්ධ කාරණාද මෙවර රාජ්ය නායක සමුළුවේ ප්රධාන මාතෘකා අතර වෙයි.