ලෝක බලවතුන් හත් දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන පැවති G 7 සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා ලැබීම ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක් බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසා තිබේ.
ජනාධිපතිවරයාගේ විදේශ සංචාර සම්බන්ධයෙන් විවිධ මත ඉදිරිපත් කිරීම පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබුණේ 03දා ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීය.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට පත් වූ දිනයේ සිට කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් පැවති යහපත් හැසිරීම තුළ එතුමාට ජාත්‍යන්තරයේ විශාල පිළිගැනීමක් හිමි වූ බව ද අමාත්‍යවරයා සඳහන් කර ඇත.
2006 සිට ජිනීව මානව හිමිකම් කවුන්සලට සහභාගි වූ තමාට එම කාලයේ ඒ ඒ රටවල විදේශ ඇමැතිවරයෙක් හමුව වීමට පවා අපහසුතාවක් පැවති බවත් දැන් වනවිට එම තත්ත්වය වෙනස් වී තිබෙන බවත් ඒ මහතා පෙන්වා දී තිබේ.
මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ G 7 රටවලින් ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල නොවූ බවයි.
දරුස්මාන් වාර්තාව පදනම් කරගනිමින් එක් එක් පාර්ශ්ව විවිධ ප්‍රකාශ කළ නමුත් යුද අපරාධ චෝදනා එම රටවලින් ශ්‍රී ලංකාවට එල්ල නොවූ බවද හෙතෙම පවසා තිබේ.