විශේෂ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය පසුගිය කාලයේ විමර්ශනය කළ සිද්ධීන් 20කට අධික ප්‍රමාණයක විමර්ශන අවසන් කර තිබුණද ඊට අදාළ ක්‍රියාමාර්ග මෙතෙක් ගෙන නැතැයි සාධාරණ සමාජයක් සඳහා වන වෘත්තීය සමිති ව්‍යාපාරය සඳහන් කරයි.
ජනවාරි 08 වැනිදා සිට රටතුළ ඇතිවූ යහපාලන ක්‍රියාවලියට අනුව පසුගිය කාලයේ රටතුළ සිදුවූ බරපතළ ගණයේ මූල්‍ය අපරාධ පිළිබඳව සොයාබලා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටු වූ බවද එම සංගමයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.