පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය කිසිදු ආකාරයකින් අකර්මන්‍ය වී නොමැති බවත් මූල්‍ය අපරාධ ඒකකය විසින් පවත්වාගෙන යන විමර්ශන කටයුතු ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන බවත් පොලීසිය නිවේදයක් නිකුත් කරමින් සඳහන් කරයි.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ විමර්ශන කටයුතු අඩපණව ඇති බව මාධ්‍ය මගින් වාර්තා කර තිබූ අතර ඒ සඳහා පිළිතුරු දෙමින් පොලීසිය මේ බව සඳහන් කරයි.
පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ කාර්යයන් ඉතාමත් කාර්යක්ෂමව සිදුකරගෙන යන බවත් ඒ සඳහා අවශ්‍ය නිලධාරීන් පිරිසක් මෑතකදි අනියුත්ක කළ බවත් පොලීසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.