පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ලබන 30 දා සිට ක්‍රියාත්මක වන පරිදි විසුරුවාහැරීමේ සූදානමක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
වංචා දූෂණ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන යටපත් කිරීම සඳහා මෙවැනි ක්‍රියාමාර්ග ගැනීමට සූදානමක් පවතින බවත් තමත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කට උත්තරයක් ලබාදීම සඳහා ගිය අවස්ථාවේදී එහි නිලධාරීන් මේ බව තමන්ට පැමිණිලි කර සිටි බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
ඒ මාතර ප්‍රදේශයේ පැවති උත්සවයකදීය. ඒ අනුව මේ මස 30 වන දින වනවිට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිල කාලය අවසන්වීමට නියමිත බවත්, ඔවුන්ගේ හැඳුනුම්පත් අලුත් නොකරන ලෙස දැනුම්දී ඇතැයි ඔවුන් පවසන බවත් හදුන්නෙත්ති මහතා සඳහන් කළේය. ඒ අනුව විමර්ශන ඉවර කරමින් තිබියදී එම ආයතනයද ඉවර කරන්නට කටයුතු කරමින් සිටීම කනගාටුදායක බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
දැන් ඉතින් කලින් හොරකම් කරපු අයට කින්න පුලුවන් කෝ අපි ඇල්ලුවද කියලා. අලුත් හොරුන්ට කියන්න පුලුන් අපිව අල්ලන්න තැනක් නැහැ කියලා යැයි මන්ත්‍රීවරයා කීය