FB සුබපැතුම් 3000 ක් ආවා - නවීන් දිසානායක
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඉකුත් පැය 24 ඇතුළතදී තමාගේ මුහුණු පොතට (ෆේස්බුක් වෙබ් අඩවියට) සුභපැතුම් 3000කට වඩා ලැබී තිබුණු බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද (01දා) පැවසීය.
රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණි දිසානායක මහතා සඳහන් කළේ නැවත වරක් තමාගේ දේශපාලන මහගෙදරට පැමිණීම සම්බන්ධයෙන් සතුටු වන බවයි.
ඉකුත් කාලසීමාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන්, බැසිල් රාජපක්ෂ ඇමතිවරයාගෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට අවශ්‍ය පහසුකම් ලබාදෙන්නැයි කළ ඉල්ලීම් නොසලකා හැරීම නිසා තමා අසහනයකින් පසුවූ බවද ඔහු කීය.
සිරිකොතට පැමිණි නවීන් දිසානායක මහතාට ඉහළ පිළිගැනීමක් ලැබුණු අතර, පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ, නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහතවරුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

