කලුකොඩි ව්‍යාපාරය ආරම්භ කර දින දෙකක් යද්දී මුහුණ පොත (ෆේස් බුක්) සිසාරා ආණ්ඩුවට විරෝධය පළ කරමින් කළු කොඩි එසවෙමින් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (04 දා) පැවසීය.
එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා,
“අපි මීට ජනතාවට කිව්වා කළුකොඩි එසවීම නිසා ආණ්ඩුවේ මර්දනය නිසා බියක් දැනෙනවානම් ඔබේ මුහුණු පොතේ හැඳුනුම් පින්තූරය කළුකොඩියක් බවට පත් කරන්න කියලා. අපි තවම මේ වැඩේ පටන් අරන් දවස් දෙකයි. මේ වනවිට ෆේස් බුක් එක සිසාරා කළු කොඩි එසවෙමින් පවතිනවා.
මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නු ජනතාවගේ නැගෙන කලකිරීම්, කේන්තිය අද මුහුණු පොත පුරා අද අපිට දකින්න පුළුවන්” යැයි සඳහන් කළේය.