යාපනය කෝපායි නීර්වේලි ප්රදේශයේදී 6 හැවිරිදි දරුවෙකුට ඇයගේ කුඩම්මා විසින් අමානුෂිකව පහරදෙන අයුරු අසල් වැසියෙකු විසින් වීඩියෝ කර මුහුණු පොතට දැමීමෙන් පසුව එසේ පහරදුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කෝපායි පොලීසිය පවසයි
මෙම පහරකෑමට ලක් වන දැරියගේ මව මිය ගොස් ඇති හෙයින් ඇයගේ පියා විසින් තවත් විවාහයක් කරගෙන ඇති අතර එම කාන්තාව විසින් දැරියට පහර දෙන්නේ දිය නෑමට අකමැත්ත පල කිරීමෙන් ඇති වන කේන්තියෙන් බවට කෝපායි පොලීසිය විසින් තොරතුරු අනාවරණය කරගෙන ඇත.
එම වීඩියෝව මුහුණු පොතට එක් වීමෙන් පැයකට ආසන්න කාලයක් තුළදී අදාළ කාන්තාව හා ඇයගේ ස්වාමි පුරුෂයා අත්අඩංගුවට ගත් බව කෝපායි පොලීසිය පැවැසීය.