මුහුණු පොතෙන් දැන හඳුනාගෙන අක්කා නගෝ දෙදෙනාගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව පවසමින් ඔවුන් දෙදෙනාවම දුෂණය කළ බව කියන තරුණයින් දෙදෙනෙකු ලබන 23 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට කොළඹ ප්රධාන මහෙස්ත්රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියම කළේය.
මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ වැල්ලම්පිටිය වඩුගොඩවත්ත ප්රදේශයේ පදිංචි ජනක සුදර්ශණ හෙවත් රසාංජන සහ එන්. ජේසුපාල හෙවත් දිල්ශාන් නමැත් තරුණයින් දෙදෙනෙකි.
වින්දිත අක්කා නගෝ විසින් රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව කරන ලද විමර්ශණයකින් අනතුරුවන් සැකකාර තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කොට ඇත.
උපන් දින තෑග්ගක් ලෙස පියා විසින් දුන් නවීන ජංගම දුරකථනයෙන් මුහුණු පොතේ සැරි සැරීමේදී අතවරයට ලක් වු බව කියන අක්කා විසින් එක් සැකකාර තරුණයෙකු දැන හඳුනාගෙන ඇති බවත් ඔහුගේ ඉල්ලීම පරිදි ඇගේ නිරුවත් ඡායාරූපයක් ඔහුට ලබාදී ඇති බවත් පසුව එය අන්තර්ජාලයට මුදා හරින බව පවසමින් සැකකරු ඇගෙන් මුදල් ලබාගෙන ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබිණි.
ඉන් අනතුරුව ඇගේ නැඟණියට කතා කළ සැකකරු අක්කාගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව කියමින් තර්ජනය කොට ඇති බවත් පසුව අක්කා බේරා ගැනීමට ඉදිරිපත් වු නැගණිය කිරිබත්ගොඩ ප්රදේශයේ අවන්හලකට ගෙන්වාගෙන එහිදී ඇයට අතරවර කොට ඇති බව පරීක්ෂණ වලදී හෙළි වු බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබිණි.
මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදු කරන බව කියමින් රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළගත් මහෙස්ත්රාත්වරයා සැකකරුවන් රිමාන්ඩ් බාරයට පත් කළ අතර සිද්ධියට අදාළව සිදුකරන පරීක්ෂණ වල ප්රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස රහස් පොලිසියට නියම කළේය.