ආපදාවන් නිසා විපතට පත්වූවන්ට ආධාර දෙන ආකාරය දැක්වෙන ඡායාරූප ෆේස්බුක් ගිණුමට ඇතුළත් කළේ ඒකාබද්ධ විපක්ෂය සහන කටයුතු වලට සම්බන්ධ නොවන බවට ආණ්ඩුවේ පාර්ශ්වයෙන් චෝදනා එල්ල කරන නිසා බව පිවිතුරු හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“ජලගැලීම් සිදු වූ දවසේ ඉඳන්ම අපි සහන සැලසුවා.හැබැයි අපි මාධ්‍යවලට කතාකළේ නැහැ.ජනතාව දුකේ කඳුළේ ගිලී සිටන විට ඒකෙන් දේශපාලන වාසියක් ලබාගන්න අපට කිසිතේසම උවමනා වුණේ නැහැ.හැබැයි සමහරු සහන සේවා නළුවන් බවට පත්වෙමින් ජලයේ අඩක් ගිලී ඡායාරූප ගෙන ඒවා මාධ්‍යවලට වාර්තාකර ඊට පසුව සහන සේවා අමතක කිරීමේ සංස්කෘතියකට පුරුදුවෙලා ඉන්නේ.
ඒ අය ඒ රඟපෑම් කරන අතරේ මාධ්‍ය හරහා ප්‍රශ්න කරනවා කෝ ගම්මන්පිලලා කියලා.ඒ නිසා ඉතාම අකමැත්තෙන් වුණත් අපට පසුගිය දවස්වල කරපු සහන සේවාවල ඡායාරූප ෆේස්බුක් ගිණුම්වලට එකතු කරන්න සිද්ධවුණා.අපි අවතැන් වූ දවසේ උදේසිට රෑවෙනකම් ඉන්නේ අවතැන් වූවන් එක්ක.අපි ජනතවාවගේ කඳුළු විකිණීමේ ව්‍යාපෘති කරන්නේ නැහැ. අන්තිම දවස් හතරේ ඒවා විතරක් ෆේස්බුක් එකේ දැම්මා.වැඩක් කරන්නෙ නෑ කියලා අපට චෝදනාවක් යනවා,ඒ නිසා කරන වැඩටික ෆේස්බුක් එකේ දාමු කියලා අපේ කට්ටිය බලපෑම් කරලා කිව්වා”යනුවෙන් හෙතෙම පවසා සිටියේය.