අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල එකතු කර සකස් කිරීමට සැලසුම් කර තිබෙන ප්රෝඪාකාරී පෞද්ගලික අංශයේ විශ්රාම වැටුප් ක්රමය පරාජය කිරීමට වැඩකරන ජනතාවගේ අත්සන් ලක්ෂ 65 ක පෙත්සමක්, ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට භාරදෙන බව අන්තර් සමාගම් සේවක සංගමය සඳහන් කරයි.
මීට අමතරව සිදුකිරීමට යන ප්රෝඪාකාරී ක්රියාව පිළිබඳව අත්පත්රිකා දස ලක්ෂයක් ලංකාව පුරා බෙදාහැරීමට කටයුතු කරන බවත්, එම කටයුත්ත මෙම 30 වැනි දින සිදුකරන බවද එම සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය. විරෝධතා පෙත්සමට අත්සන් ලබාගැනීම ලබන මස 04 වැනි දින ආරම්භ කරන බවද හෙතෙම පවසා සිටියේය.