දැනට මසක පමණ කාලයක් තිස්සේ පුරප්පාඩු වී ඇති කම්කරු කොමසාරිස් ජනරාල් තනතුර සඳහා සුදුසු නිලධාරියෙකු පත්නොකිරීම හේතුවෙන් ලක්ෂ 23 ක් ඉක්මවූ කම්කරු ජනතාවගේ සේවක අර්ථ සාධක අරමුදල් (EPF) වල විනිවිදභාවය හා සුරක්ෂිතභාවය පිළිබඳව ගැටලු රැසක් පැනනැගී ඇති බවට කම්කරු දෙපාර්තමේන්තු වෘත්තීය සමිති චෝදනා කර සිටියි.
අර්ථ සාධක අරමුදල් සම්බන්ධයෙන් වගකීම් දරන කම්කරු කොමසාරිස් ජෙනරාල් ධුරයේ අමාත්‍යාංශ ලේකම්වරයා වැඩ ආවරණය කිරීමේ කටයුතුවල නියැළීම මූල්‍ය අක්‍රමිකතා ඇතිවීමට මගපෑදීමක් බව රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමය චෝදනා කර සිටියි.