උතුරේ දෙමළ ජනතාව ඊ.පී.ඩී.පී.සංවිධානය ප්‍රතික්ෂේප කිරීම දැඩි වීමත් සමගම තමන් එම පක්ෂයෙන් ඉවත්වීමට තීරණය කළ බව යාපනය දිස්ත්‍රීක්කයේ ඊ.පී.ඩී.පී.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.චන්ද්‍රකුමාර් පැවසුවේය.
හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඔහු ඊ.පී.ඩී.පී.පක්ෂයෙන් ඉවත් වූ බව දැනුම්දීම සඳහා යාපනයේ පෞද්ගලික හෝටලයක පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.