තඹුත්තේගම නගරයේ පවත්වාගෙන ගිය රේස් බයි රේස් සූදු පළක් (කැසිනෝ ශාලාවක්) අද (25දා) පස්වරුවේ වටලා, එය සතියක් ඇතුළත වසා දමන ලෙස ප්රදේශයේ බෞද්ධ හිමිවරු එහි කළමනාකාරීත්වයට නියෝග කළහ.
තඹුත්තේගම නගරයේ සුරා සලක් අසල ප්රසිද්ධ ස්ථානයක පවත්වාගෙන යන මෙම සූදු පළට අද (25දා) පස්වරු 6.00 ට පමණ ප්රදේශයේ විහාරස්ථාන කිහිපයක ස්වාමීන් වහන්සේලා පනහකට ආසන්න පිරිසක් වැඩම කර, එය පවත්වාගෙන යාමට විරෝධය පළකර එය වසා දමන ලෙස පාලකයන්ට උපදෙස් ලබාදුන්හ.
මෙම ස්ථානය පවත්වාගෙන යාම පිළිබඳව කරුණු විමසූ එම හිමිවරුන්ට කළමනාකාරීත්වය කියා සිටියේ, ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරයෙකු විසින් එම සූදූ පළ පවත්වාගෙන යන බවත්, ඒ සඳහා බලපත්ර නොමැති බවත්ය.
එමෙන්ම මෙම සූදූ පළට ප්රදේශවාසීන්ගෙන් නොයෙක් බාධා හා විරෝධතා පැමිණි නමුත් දේශපාලන බලය ඒ සියල්ල යට කළ බවද ඔවුහු අවධාරණය කළහ.
මෙම නීතිවිරෝධී සූදූ පළ සතියක් ඇතුළත වසා දමන ලෙසත්, එසේ නොකළහොත් මහා සංඝරත්නය එක්ව එය වසා දමන බවත් උන්වහන්සේලා පවසා සිටියහ.
තිසර සමල් - එප්පාවල