මරදාන වෛද්‍ය සභා පරිශ්‍රයේ තිබී අත්බෝම්බයක් සොයාගත් බව පොලීසිය පවසයි. පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණ තොරතුරක් අනුව මෙම අත්බෝම්බය සොයාගෙන තිබේ.
මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත පොලිස් විශේෂ කාර්ය බළකාය යොදාගෙන එම ස්ථානයෙන් බෝම්බය ඉවත් කර ග්‍රැන්ඩ්පාස් පොදු සුසාන භූමියට රැගෙන ගොස් එය නිශ්ක්‍රීය කර තිබේ.
එම්.4 වර්ගයේ අත්බෝම්බයක් වූ මෙය පිපිරී නොමැති හෙයින් කිසිඳු දේපළ හෝ ජීවිත හානියක් වෛද්‍ය සභා පරිශ්‍රයේදී සිදුව නොමැත.
බස්නාහිර අපරාධ හා රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.