හිටපු ජනාධිපතිවරයා පරාජයට පත් කර මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා බවට පත් කර ගත්තේ දූෂණයෙන්, භීෂණයෙන් තොර රටක් ඇති කරගැනීමට බවත්, මේ නිසා හිටපු ජනාධිපතිවරයා ඉදිරි මැතිවරණයේදී කටයුතු කරන්නේ කෙසේද යන්න රට හමුවේ විශාල ප්‍රශ්නයක් ඇති වී තිබෙන බවත් පුරවැසි බලය සංවිධානය සඳහන් කරයි.
ඉදිරි මැතිවරණයට තරග කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අවස්ථාව ලබා දී තිබෙන බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශයක් නිකුත් කර තිබෙන බැවින් එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව ජනාධිපතිවරයා වහාම රටට ප්‍රකාශයක් කළ යුතු බවද එම සංවිධානයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.
ඊයේ (06) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ සම කැඳවුම්කරු වැඩිදුරටත් සඳහන් කළේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්කිරීමට පුරවැසි බලය ඇතුළු සංවිධාන විශාල ප්‍රමාණයක් දැඩි කැපවීමෙන් කටයුතු කළ බවද පවසා සිටියේය.
මේ නිසා යම් ලෙසකින් මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයට ඉදිරිපත් වුවහොත් ඔහු ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම පරාජයට පත් කිරීමට ජනතාව පෙළගස්වන බවද සමකැඳවුම්කරු පවසා සිටියේය.
ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ