ෆෝබ්ස් සඟරාවට අනුව ලොව ව්‍යාපාර කිරීමට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 89 වැනි ස්ථානය හිමිව තිබේ.
රටවල් 146ක් අතරින් ශ්‍රී ලංකාවට 89 වැනි ස්ථානය හිමිව තිබෙන අතර එහි ප්රථමස්ථානයේ රැදී සිටින්නේ ඩෙන්මාර්කයයි. අවසන් ස්ථනයේ පසුවන්නේ අප්‍රිකානු රටක් වන ගිනියාවයි.
චීනය 97 වැනි ස්ථානයේ රැදී සිටින අතර ඉන්දියාව 93 වැනි ස්ථානයේ රැදි සිටියි.
බදු, දේපළ හිමිකම, නව්‍යතා උත්පාදනය, තාක්ෂණය, දූෂනය, නිදහස, ආයෝජකයින්ගේ ආරක්ෂාව, කොටස් වෙළඳපල යනාදි කරුණු 11ක් යොදාගනිමින් මෙම දර්ශකය ගණනය කරයි.