ෆීල්ඩ් මාෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාට එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරක් ලබාදිමට එම පක්ෂය තිරණය කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව පක්ෂයේ උප නායක තනතුරක් ඔහුට හිමිවීමට නියමිත බව වාර්තාවෙයි.
ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායකයා වූ සරත් ෆොන්සේකා මහතා මීට ඉහතදී එක්සත් ජතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගත්තේය. එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 05 දා පැවැත්වෙන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ෆොන්සේකා මහතාට මෙම තනතුර හිමිවීමට නියමිතය.