ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා නායකත්වය දරන ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ආසන සංවිධායකවරුන් පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා නායකත්වය දරන පිවිතුරු හෙළ උරුමය පක්ෂයට එක්වීමට සූදානම් වන බව වාර්තා වේ.
ඒ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පිවිතුරු හෙළ උරුමයට හිමිවන අපේක්ෂකධුර සඳහා එම ආසන සංවිධායකයන් නම්කිරීමට සැලසුම් කර ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
එම කටයුත්තේ පළමු අදියර ලෙස බදුල්ල දිස්ත්‍රික්කයේ සිටින ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ප්‍රධාන ආසන සංවිධායකවරුන් 08 දෙනෙකු පිවිතුරු හෙළ උරුමයට සම්බන්ධ කර ගැනීමේ උත්සවය පෙබරවාරි මාසයේ මුල් සති දෙකතුළදී බදුල්ලේදී පැවැත්වීමට සැලසුම් කර ඇතැයිද වාර්තා වේ.