2014 ඡන්ද හිමි නාමලේඛණයෙන් නුසුදුසු පුද්ගලයන් ඉවත් කිරීම සහ සුදුසු පුද්ගලයන් ඇතුළත් කිරීම ලබන 31 වැනි දිනට පෙර සිදුකළ යුතු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි්රයගෙන් මහතා පැවසීය. ඒ අනුව අද දිනයේ එම ඉවත් කරන නම් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවද හෙතෙම පැවසීය. මෙහිදී අධිකරණ නියෝග සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් සිදුකර ඇති දැනුම්දීම්ද විශේෂයෙන් සලකා බලන බව මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.
මේඅතර ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකාගේ නම ඡන්ද හිමි නාමලේඛණයෙන් ඉවත් කෙරෙනු ඇති බවටද තොරතුරු වාර්තා වේ.