අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එජාපය සමග එක්වීම පක්ෂයට හයියක් බවත් මහින්ද රාජපක්ෂ මහතාට යළි ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ නොලැබෙන බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය..
සිරිකොතදී අද(01) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශකළ අතර මහින්ද රාජපක්ෂ මහතාට ඇත්තේ මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයාගෙන් පළි ගැනීමේ චේතනාව බවත් රාජපක්ෂ බලවේගයට යළි මෙරට තුළ ඉඩක් නොලැබෙන බවද එය ඉදිරි මැතිවරණයකදී බලා ගත හැකි බවද කියා සිටියේය.