හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා අද (15දා) කැලණිය රජමහා විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් හමුවිය.
පසුව හෙතෙම කැලණි විහාරස්ථානයේ ආගමික වතාවත් සඳහාද සම්බන්ධ විය. මේ සඳහා බස්නාහිර පළාත් සභා මන්ත්රීවරුන් වන ඉන්දික බණ්ඩාර, අනුරුද්ධ ලේකම්ගේ, රජිත හපුආරච්චි යන මහත්වරුද පැමිණ සිටියහ.