තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රචලිත කිරීම සඳහා සෑම විටම ක්‍රියාකරන ආණ්ඩුවක් ලෙස'ෆේස්බුක්' හෝ 'ට්විටර්' වැනි සමාජ ජාල වෙබ් අඩවි ශ්‍රී ලංකාවේ තහනම් කිරීමේ කිසිදු අදහසක් නැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
සමාජ ජාල වෙබ් අඩවි සහ මාධ්‍ය ආරක්ෂා සහිතව භාවිත කිරීමේ අවශ්‍යතාව අවධාරණය කිරීම හැර, ඒවා තහනම් කිරීම සිය රජයේ අරමුණ නොවන බවද ජනාධිපතිවරයා සිය ට්විටර් පණිවුඩයක සඳහන් කර ඇති බව බී.බී.සී.ය පවසයි.