ෆේස්බුක් මාර්ගයෙන් පාසල් දරුවන්ව දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීමේ උත්සාහයක් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් වහාම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට තමා නියම කළ බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
පඬුවස්නුවරදී පැවැති උත්සවයකදී හෙතෙම මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා මෙසේද පැවසීය.
"ෆේස්බුක් මාර්ගයෙන් පාසල් දරුවන් රැගෙන ගොස් එවැනි දේශපාලන කටයුතුවලට යොදවා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් පසුගියදා පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කළා වර්තමානයේ පාසල් සිසුන් අතරද ඉතා ජනප්‍රිය ෆේස්බුස් මාර්ගයෙන් පාසලෙන් බැහැර අනවශ්‍ය ක්‍රියාකාරකම්වලට ඔවුන් යොදවා ගැනීමට සූදානම්වීම අහිංසක පාසල් සිසුන්ට කරනු ලබන මහත් අපරාධයක්.
ප්රභාකරන් පවා ඔහුගේ ත්‍රස්තවාදී වැඩවලට පාසල් දරුවන් යොදවාගත්තා. මේවායින් වුණු විනාශය අපි ඇහැටම දැක්කා. එම නිසා එවැනි දේශපාලන ක්‍රියාකාරකම් සඳහා සිසුන් යොදවා නොගන්නා ලෙස මා සියලුම දේශපාලන පක්ෂවල නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. මා කිසිවිටෙකත් පාසල් සිසුන් එවැනි දේශපාලන අවශ්‍යතා සඳහා යොදවා ගැනීමට ඉඩ තියන්නේ නැහැ." යැයි පැවැසීය.
ගීතාංජලී ප්‍රියදර්ශනී/ විරාජ් බණ්ඩාර/ ප්‍රියානි මංගලිකා