උතුරු නැගෙනහිර පළාත්වලට පෙඩරල් පාලන ක්‍රමයක් ලබාදීම ඇතුලු ඉල්ලීම් සම්බන්ධයෙන් රජයට ඉදිරිපත් කළ යෝජනාවලට කිසිදු ප්‍රතිචාරයක් මෙතෙක් රජයෙන් නොලද නිසා වත්මන් රජයට බ්‍රිතාන්‍ය රජයෙන් බලපෑම් කළ යුතු බවට තමන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩවුරිස් මහතාට දැනුම් දුන් බව උතුරු මහ ඇමති සී.වී.විගනේස්වරන් මහතා කියා සිටියේය.
ප්‍රධාන අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් ඩවුරිස් මහතා ඇතුලු පිරිසක් පසුගියදා යාපනයට පැමිණ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා හමුවී පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.
එමෙන්ම මෙම ගැටලු විසදාගැනීමට බ්‍රිතාන්‍ය රජය මැදිහත් වී ශ්‍රී ලංකා රජයට බලපෑම් එල්ල කළයුතු බවටත් තමන් මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි අතර එහිදී රජයේ නියෝජිතයින් සමග මේ ගැන සාකච්ඡා කිරීමට ඔහු එකග වූ බවත් ප්‍රධාන අමාත්‍යවරයා යාපනයේදී මාධ්‍යවේදීන්ට වැඩි දුරටත් කියා සිටියේය.