‘ෆුල් ෆේස් හෙල්මට්’ තහනමක් ගැන පොලීසිය සිතයි
මීගමුවේ මුදල් හුවමාරු කරන ස්ථානයක් තුළ සිදුවූ හොරකමත් සමග සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය වන අයුරින් පලඳිනු ලබන යතුරු පැදි හෙල්මට් (full face helmets) තහනම් කිරීමේ අවශ්‍යතාවක් පැන නැගී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.
මේ ආකාරයේ සිදුවීම් ඇතිවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය වූ හෙල්මට් පැලඳීමට එරෙහිව ගෙන ආ නීතිය ක්‍රියාත්මක නොවීම බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
එසේම ලෝකයේ බොහෝ රටවල්වල මෙම හෙල්මට්වලට තහනමක් පනවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
කිසියම් වූ සිද්ධියකට අදාළ සී.සී.ටී.වී. දර්ශන ලබා ගැනීමෙන් පසුවද සැකකරුවන් හඳුනා ගැනීමට නොහැකීවී ඇත්තේද සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන අයුරින් සකස් කළ හෙල්මට් පැලඳගෙන සැකකරුවන් පැමිණීම බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.
සුපුන් ඩයස්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

