දඹුල්ල රෙදිපිළි වෙළඳසැලක රෙදි ලබාගැනීම සඳහා පැමිණි තරුණියකගේ ඇග ෆිට් ඕන් කුටියකදී අත ගෑමේ සිිද්ධියක් දුර දිග යාමෙන් ඇතිවූ කලබලය හේතුවෙන් එම රෙදිපිළි වෙළඳසැල වසා ඇත.
සිද්ධිය සම්බන්ධයේ වෙළඳසැලේ හිමිකරුගෙන් හා සේවකයින් සිව් දෙනකු ප්රකාශ සටහන් කර ගැනීම සඳහා පොලීසියට රැගෙනයාමත් සමග කලබලය අවසන් විය.
කෙසේ වෙතත් සිද්ධියට සම්බන්ධ සේවකයා පිළිබඳව තොරතුරු මෙතෙක් අනාවරණය නොවෙයි.