දරුවන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් ළමා සුරක්ෂිතතා සතියක් නම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව සොඳුරු ළමා ලොවක් සුරක්ෂිත හෙටක් නමින් සුරක්ෂිතතා සතිය නොවැම්බර් 02 වැනිදා සිට 09 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය. අදාළ කාලසීමාව තුළ පාසල් දරුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු මගින් ළමා සුරක්ෂිතතා වැඩසටහන් සැලසුම් කිරීමට ක්‍රියාත්මක කෙරේ.
පාසල් ප්‍රජාව දැනුම්වත් කිරීම යටතේ පාසල් සිසුන්ගේ දෙමාපියන්, ත්‍රිරෝද රථ රියදුරන්, පාසල් වෑන් රථ රියදුරන් ඇතුළු ප්‍රජාව දැනුම්වත් කිරීමට නියමිතය.
පාසල සහ පාසලෙන් පිටත සිටින දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ සොයාබැලීමේ සහ ආරක්ෂාව තහවුරු කරගැනීමේ ක්‍රමවේද හඳුනාගැනීමටද මෙම සුරක්ෂිතා සතිය උපයෝගී කරගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.