ලෝක ළමා දිනය යෙදෙන අද (01දා) මහනුවර ප්රධාන පෙලේ බාලිකා විදුහලක 17 හැවිරිදි සිසුවියකට පාසල් වෑන් රථයක් තුළ බරපතළ ලෙස ලිංගික අපයෝජනයක් සිදුකරමින් සිටි බව කියන එම වෑන් රථයේ රියදුරා මහනුවර මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර වැව රවුමේ රතු බෝක්කුව හන්දිය අසල වීදුරු අඳුරු කළ වෑන් රථයක් තුළ දෙදෙනෙකු අශෝභන ලෙස හැසිරෙන බවට පොලීසියට ලද තොරතුරකට අනුව පොලීසිය ගොස් වෑන් රථය වටලා එම සිසුවිය හා වෑන් රථ රියදුරා අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය කළ විමර්ශනවලදී අදාළ පාසල් වෑන් රථය ගලගෙදර නුවර අතර දිවෙන පාසල් වෑන් රථයක් බවට අනාවරණය වී ඇති අතර, පාසල් සිසුවිය එදින පාසල් නොගොස් අමතර පංතියකට සහභාගී වන බව පවසා නිවෙසින් පැමිණ ඇති බවද පැවසේ.