බාල වයස්කාර සිසුවෙකු ලිංගික කටයුත්තකට පොළඹවා ගැනීමට උත්සාහ කළ බවට සැකකරන උපකාරක පන්ති ගුරුවරයෙකු ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
15 හැවිරිදි මෙම ශිෂ්‍යයා විසින් ආදාළ උපකාරක පන්ති ගුරුවරයාගෙන් දිගින් දිගටම සිදු වූ මෙම හිංසන පිළිබඳව ඔහුගේ පවුලේ මනෝ විද්‍යා උපදේශකවරිය දැනුවත් කර තිබේ.
ඉන් අනතුරුව ඇයගේ මග පෙන්වීම මත ජාතික ළමා ආරක්ෂක අධිකාරියට සිදු කළ පැමිණිල්ලකට අනුව එහි වැටලීම් ඒකකය මගින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබ ඇත.
අත්අඩංගුවට පත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ විමර්ශන අවසන් වන තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කරනු ලැබ ඇත.
මෙලෙස සිදුවන ළමා අපයෝජනයන් පිළිබඳ තොරතුරු වෙතොත් ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානය හෝ 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය ඇමතීමෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දැනුවත් කළ හැකිය.