ළමා අපයෝජන පැමිණිලි 8548ක් - වැඩිම කොළඹින්
ජාතික ළමා ආරක්ෂක අධිකාරියට 2017 වර්ෂයේ ජනවාරි මස පළමු වැනිදා සිට දෙසැම්බර් මස අට වැනිදා දක්වා ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි 8548ක් වාර්තා වී තිබේ.
වැඩිපුරම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ළමයින්ව කෘරත්වයට පත්කිරීම සම්බන්ධයෙනි. එම සංඛ්‍යාව 2037කි. අනිවාර්ය අධ්‍යාපනය ලබානොදීම සම්බන්ධ පැමිණිලි 1298ක් වාර්තා වී ඇත. ලිංගික අතවර කිරීම් පිළිබඳ පැමිණිලි 481ක්ද, බරපතල ලිංගික අපයෝජන 284ක්ද, ස්ත්‍රී දූෂණ පිළිබඳ පැමිණිලි (වයස අවුරුදු 18ට අඩු) 322ක්ද, වාර්තා වී ඇත. ළමා හා යෞවන ආඥා පනතට අනුව ළමුන් නොසළකා හැරීමට අදාළ පැමිණිලි 358ක් වාර්තා වී ඇති අතර, ළමා ශ්රමිකත්වට අදාළ පැමිණිලි වාර්තා වී ඇති සංඛ්‍යාව 246කි.
වැඩිපුරම ළමා අපයෝජන සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 1232කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 925ක්ද, කලුතර දිස්ත්‍රිකයෙන් පැමිණිලි 550ක්ද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 647ක්ද, රත්නපුර දිස්ත්‍රික්යෙන් පැමිණිලි 490ක්ද, ගාල්ල දිස්ත්‍රිකයෙන් පැමිණිලි 564ක්ද, යාපනය දිස්ත්‍රිකයෙන් පැමිණිලි 177ක්ද, වවුනියාව දිස්ත්‍රික්යෙන් පැමිණිල 122ක්ද, මඩකලපුව දිස්ත්‍රික්යෙන් පැමිණිලි 170ක්ද, මුලතිව් දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 125ක්ද, කිළිනොච්චිය දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 117ක්ද, වාර්තා වී ඇත.
මෙම ක්‍රියාවලියේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අපේක්ෂාව වන්නේ ළමා අපයෝජන හේතුවෙන් වරදකරුවන් වූ පුද්ගලයන්ට දඩුවම් ලබාදී වින්දිත දරුවන් සමාජ ගත කිරීමට අවශ්‍ය වටපිටාව සලසා දීමයි. ඒ සඳහා මහජනතාව ඇතුලු සියළු පාර්ශවයන්ගේ සහයෝගය මා අපේක්ෂා කර සිටිමි.
ළමයින්ට සිදුවන ඕනෑම හිංසනයක් පිළිබඳව 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා පැමිණිලි කළ හැකිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


