වර්තමානය වනවිට ළමයින් ලිංගික කටයුතු සඳහා භාවිත කිරීම වර්ධනය වී ඇති බවත් තත්ත්වය සමාජ ගැටළුවක් බවට පත්ව ළමයින්ගේ සුන්දර ළමාවිය එවැනි අනතුරුදායක තත්ත්වයන් හමුවේ විනාශ වී යන බවත් ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ආචාර්ය නටාෂා බාලේන්ද්‍ර මහත්මිය පැවසුවාය.
එවැනි දේ ළමයාගේ මානසික තත්ත්වයට මෙන්ම ඉදිරි දියුණුව සඳහා ද බාධාවක් බවද ළමා ශ්රමිකත්වයට එරෙහි ජත්‍යන්තර දිනයට සමගාමිව නිවේදනයක් නිකුත් කරමින් ආචාර්ය නටාෂා බාලේන්ද්‍ර මහත්මිය පවසා ඇත.
ඒ අනුව ළමයින් ලිංගික ශ්‍රමිකයින් ලෙස භාවිත කිරීම පිටු දැකීමට අදාළව ගත යුතු ක්‍රිමාර්ග පිළිබඳ සාකච්ඡා කෙරෙන සමුළුවක්, සමීක්ෂණයක් සහ ළමයින් ලිංගික ශ්‍රමිකයින් ලෙස භාවිත කිරීම පිටු දැකිමට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජාතික සමුළුවක් පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් සඳහන්කර තිබේ.