රුපියල් ලක්ෂ 60 ක් පමණ වටිනා ජංගම දුරකථන 2000 ක් නීතිවිරෝධීව දිවයිනට රැගෙන ආ පුද්ගලයෝ තිදෙනෙක් රේගු නිලධාරීන් විසින් අද (19දා) කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෝ තිදෙනෙක් මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.
සැකකරුවන් අද 19දා අලුයම ඩුබායි හා චීනයේ ග්වැන්ෂෝ සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන්තොටුපොළට පැමිණ තිබුණි.
සැකකරුවන් විසින් රැගෙන ආ ජංගම දුරකථන තොගය අතර ඇපල්, සැම්සුන් ආදී වටිනා දුරකථන ඇති බවද රේගුව පවසයි.
මෙම ව්‍යාපාරිකයන් මෙම දුරකථන ශ්‍රී ලංකාවේ අලෙවි කිරීමේ අරමුණින් මෙරටට ගෙන ආ බවට රේගු නිලධාරීන් විසින් තොරතුරු අනාවරණය කරගනු ලැබ තිබේ.