ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් උගන්ඩාව බලා ගිය ශ්‍රී ලාංකිකයෙකු යළි මෙරටට පැමිණෙද්දී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ආගමන විගමන නිලධාරීන් විසින් අද (13දා) අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙනු ලැබීය.
සැකකරු වැල්වැටිතුරේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු පසුගිය 08 වැනිදා මෙරට ගුවන් ගමන් බලපත්‍රයක් භාවිත කර ඩුබායි බලා ගොස් ඇත. පසුව එතැන් සිට ව්‍යාජ ඉන්දියානු ගුවන් බලපත්‍රයකින් උගන්ඩාව බලා ගොස් ඇති අතර, එරට බලධාරීන් ඔහුට රටට ඇතුළුවීමට ඉඩ ලබානොදී ආපසු ඩුබායි වෙත හරවා යවා ඇති බව අනාවරණය තිබේ.
සැකකරු එලෙස අද යළි දිවයිනට පැමිණි අවස්ථාවේ ඔහුගේ අත ඇති ලියකියවිලි පරික්ෂා කළ ආගමන විගමන නිලධාරීන් වැඩිදුර විමර්ශනය කටයුතු සඳහා ඔහු ප්‍රධාන ආගමන විගමන නිලධාරීන්ට බාර දී තිබේ.