විපක්ෂය සෑම විටම පැවැසූවේ හොරා යන වචන බවත්, සංවර්ධනයේදී ජනතාවට ලැබෙන ප්රතිලාභය ඔවුන්ගේ හිත්වලින් ඈත් කළ බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
කොළඹදී පෙරේදා (17දා) පැවැති උත්සවයකදී ඔහු මේ බව පැවැසීය.
"වෙගයෙන් සංවර්ධය වෙන කොට විරුද්ධ පක්ෂයට ඕන වුණා මඩ ගහන්න. ඒකට මොකක්ද උත්තරේ. මිනිස්සුන්ට කියන්නද පාරවල් එපා කියලා. කාපට් පාර එපා කියලා කියන්නද? මිනිස්දු පිළිගන්නේ නෑ. වඩාත්ම ලේසි මොකක්ද සංවර්ධනයේදී පහර ගහන්න. මේකෙන් හම්බකළා මේකෙන් ගැහුවා කොමිස්. මේ කොමිස් හින්දා තමයි වැඩ කරන්නේ.
එතකොට ඇතිවෙන්නේ මොකක්ද ලැබෙන ප්රතිලාභය ඔවුන්ගේ හිත්තුළින් ඈත් කළා. ඉතාම සූක්ෂම ලෙස. මේක විතරක් කතා කළා. හොරා, හොරා, හොරා, හොරා, මේක තමයි වෙබ් සයිට් එකේ ගියේ. මේක තමයි ෆේස් බුක් එකේ දැම්මේ. මේක තමයි හැම රැස්වීමකදීම කිවුවේ" යැයි ඔහු පැවැසීය.