කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ මගින් පසුගිය සැප්තැම්බර් 21 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ජෝර්ජියානු ජාතිකයන් දෙදෙනෙකු ඊයේ (16දා) ස්ලෝවැකියානු ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර යොදාගෙන නෙදර්ලන්තයට යෑමට පැමිණීමේදී අත්අඩංගුවට පත්ව තිබේ.
මොවුන් මත්තල ගුවන් තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම සැකකරුවන් දෙදෙනා වයස 39ක් වූ ජොකාඩිෂේ ලාෂා සහ වයස 28ක් වූ ෂර්ලිඩ්සේ වක්තාංගි ලෙස හඳුනාගෙන තිබේ.
මොවුන් දෙදෙනා ඊයේ තිස්සමහාරාම මහේස්ත්‍රාත් අදිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.