නීත්‍යනුකූල නොවන ආකාරයට ගෘහාශ්‍රිතව රඳවා ගෙන සිටින අලි ඇතුන් සඳහා යම් මුදලක් අය කරගෙන නීත්‍යනුකූලභාවය ලබාදෙන බවට වන ජීවී අමාත්‍යවරයා පැවසීමත් සමග මේ වනවිට අලි පැටවුන් 63 ක් වනයෙන් අල්ලාගෙන දිස්ත්‍රික්ක 04 ක ප්‍රභූ නිවාසවල රඳවා ගෙන සිටින බව ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මීට අමතරව නීත්‍යනුකූලව ගෘහාශ්‍රිතව සිටින අලි ඇතුන් ලියාපදිංචි කිරීමත් අමාත්‍යවරයාගේ ඉහත ප්‍රකාශය සමග ඇණහිට තිබෙන බවද එම මධ්‍යස්ථානයේ සභාපති පුබුදු වීරරත්න මහතා සඳහන් කළේය.
මෙම පැටවුන් අල්ලා ගෙන තිබෙන්නේ හබරණ, හම්බන්තොට, මහව යන ප්‍රදේශවලින් බවද ඒ මහතා පවසා සිටියේය.