අලි - ඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛනයේ ඇතුළත් නොවන අලි පැටවුන් අටදෙනෙකු මධ්‍යම පළාතේ රජයට සම්බන්ධ ප්‍රභූන් භාරයේ සිටින බවට වන තොරතුරක් සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.
පිටි කන්ටේනරයක හොර රහසේ ප්‍රවාහනය කළ අලි පැටවෙකු ඉකුත් 12 12 වැනිදා මාතලේදී පොලිස් අත්අඩංගුවට ගැනීම, ව්‍යාජ තොරතුරු යොදාගනිමින් අලි පැටවුන් ලියාපදිංචි කිරීම සහ අලි පොත අතුරුදන් වීම ආදී කරුණු මත විමර්ශනය කරන විට මධ්‍යම පළාතේ ප්‍රභූන් ළඟ සිටින අලි පැටවුන් අටදෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී ඇතැයි වනජීවී දෙපාර්තමේන්තු නිලධාරියෙක් 'අද' පුවත්පතට පැවසීය.
මාතලේ ඇම්.ඩබ්ලිව්. සෝමරත්න